Home උණුසුම් පුවත් භාතියගේ සෞඛ්‍ය තත්වය ගැන රටටම ඇසෙන සුබ පුවත (VIDEO)

භාතියගේ සෞඛ්‍ය තත්වය ගැන රටටම ඇසෙන සුබ පුවත (VIDEO)

පොල්පිතිගම මඩ සහිත ඉඩමක දින කිහිපයක් තිස්සේ අසාධ්‍ය තත්ත්වයේ වැතිර සිටින භාතිය ඇතාට ප්‍රතිකාර ලබා දීම අදත් සිදුකෙරුණු අතර පශුවෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවය.

කෙසේවෙතත්, ඇතා පෝෂණය කිරීමේ සහ ප්‍රතිකාර ලබා දීමේ පහසුව සඳහා සත්වයා ටිකක් ඈතට ගෙන යෑමට ඔවුන්ට හැකි වී තිබේ.

භාතිය හස්තියා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පශුවෛද්‍ය තරිඳු විජේකෝන්,

“ප්‍රතිකාර ලබාදෙන තුන්වන දවස අද. අද අපි ප්‍රතිකාර ලබාදෙනකොට යම්තාක් ප්‍රගතියක් මෙයා පෙන්නවා කියලා හිතනවා. හේතුව හොඬෙන් වතුර අරගෙන එයා ඇගට වතුර ගහගන්නවා. ඔළුව දෙපැත්තට හොල්ලනවා. අත්වල සහ කකුල්වල චලන යම් මට්ටමමක වර්ධනයක් තිබෙනවා. තාමත් අපිට මේයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් තමයි තියෙන්නේ. නමුත් ඊයේ දිනට සාපේක්ෂව ඇතාගේ යම් ප්‍රගතියක් අද උදේ වෙනකොට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව ඇතා දැන් සුපුරුදු රිද්මයකින් කෑම කන්න පටන් ගන්නවා. ගමේ මනුස්සයෝ කෑම අරගෙන මෙයාව ඉතාම ආදරයෙන් බලන්න එනවා”

භාතිය වෙනුවෙන් ආදරණීය හදවත් එක්වෙයි! භාතියගේ සෞඛ්‍ය තත්වයේ අලුත්ම පුවත | NewstabLK
Exit mobile version