Home උණුසුම් පුවත් දේශපාලනයට ආපු එක වැරදියි! සනා පසුතැවීමෙන් කියයි

දේශපාලනයට ආපු එක වැරදියි! සනා පසුතැවීමෙන් කියයි

පක්ෂ දේශපාලනයට සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම තම ජීවිතයේ සිදු වූ ලොකුම වැරැද්ද බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් සැමවිටම දේශපාලනයෙන් වැළකී සිටිය යුතු බවත්, දේශපාලනය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ රසිකයන් අතර බෙදීම් ඇතිවන බවත් ඔහු කියා සිටී.

ක්‍රීඩකයා සැමවිටම ක්‍රීඩාවට පක්ෂපාතීව සිටිය යුතු බවත්, ඔවුන් තෝරාගත් වෘත්තියෙන් රටට සේවය කිරීමට බලාපොරොත්තු විය යුතු බවත් සනත් වැඩිදුරටත් පවසයි.

“දැන් මට දේශපාලනය කියන වචනය ගැන කතා කරන්නවත් අවශ්‍ය නැහැ. මම එය එතරම් හෙළා දකිනවා’’

Exit mobile version