Home උණුසුම් පුවත් මත්පැන් සහ කරඳමුංගු පන්නන්න ගිය හතරක් කටුනායකදී අල්ලයි

මත්පැන් සහ කරඳමුංගු පන්නන්න ගිය හතරක් කටුනායකදී අල්ලයි

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්පැන් සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අද (06)ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් අද අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 20ක් තුළ විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් මත්පැන් බෝතල් 378ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132 ක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ හැටන් ප්‍රදේශවල පදිංචි, විදේශ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙක් බව සඳහන් වේ .

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version