
කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් ඊයේ (04) රාත්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර මෙම ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.
ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීමේ දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.
නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රධාන පියවර කිහිපයක්ම මෙහිදී ක්‍රියාත්මක කළ බව මෙම විශේෂ මෙහෙයුම පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා සිටියේය.
දිවයින පුරා තිරසාර සාමය සහ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රදේශවල ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.