Home උණුසුම් පුවත් බේරේ වැවට ප්ලේන් බස්සයි? ආණ්ඩුවෙන් සංචාරකයින්ට දෙන්න යන අලුත්ම සැප

බේරේ වැවට ප්ලේන් බස්සයි? ආණ්ඩුවෙන් සංචාරකයින්ට දෙන්න යන අලුත්ම සැප

මෙරට සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් එක්කරමින් ජලයේ ගොඩබස්සන යානා මෙහෙයුම් සඳහා උචිත වන පරිදි කොළඹ බේරේවැව ජලාශ්‍රිත ගුවන්තොටුපලක් ලෙස යළි හදුන්වාදීම හා එහි මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

සිනමන් එයාර් සමාගම මගින් මෙහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ගුවන් සේවා පවත්වාගෙන යන මෙම ආයතනය ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබද විශේෂඥ සමාගමක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Exit mobile version