Home උණුසුම් පුවත් මිලියන 16ක කේරල ගංජා යාපනයෙන් අල්ලයි

මිලියන 16ක කේරල ගංජා යාපනයෙන් අල්ලයි

ඊයේ (04) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනේ මාමුනේ ප්‍රදේශයේදී සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝග්‍රෑම් 71 ග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමන් මලු 04ක් සහ එක් ගෝනියක් වශයෙන් පැවති මෙම කේරළ ගංජා තොගය යම් පිරිසක් විසින් අතහැර දමා ගොස් තිබියදීයි සොයාගැනුනේ.

දළ වීදි වටිනාකම රුපියල් මිලියන 16ක් ඉක්මවන බවට පැවසෙන මෙම කේරළ ගංජා තොගය, නාවික හමුදාව විසින් ප්‍රදේශයේ වෙරළබඩ නිරීක්ෂණ වැඩි කිරීම හේතුවෙන් රැගෙන යා නොහැකිව ජාවාරම්කරුවන් විසින් අතහැර මෙසේ දමන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

උතුරු නාවික විධානයේ වෙත්තලකර්නි නාවික ස්ථානගත කිරීමේ නාවිකයන් පිරිසක් සහ මරුදන්කර්නි පොලිසිය ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම දියත් කෙරුණු අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කේරළ ගංජා තොගය යාපනය මරුදන්කර්නි පොලිසියට භාර දී තිබෙන බවට වාර්තා වනවා.

Exit mobile version