
ඉකුත් 02වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමදී කේරළ ගංජා තොගයක් හා පිස්තෝල දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 913 ග්‍රෑම් 124, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02 ක්, පතරොම් ගැබ් 04 ක් සහ ජීව පතරොම් 40ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 48 හා 51 යන වයස්වල පසුවන නොච්චියාගම, උළුක්කුලම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වාර්තා වන අතර, ඔවුන් ඊයේ (03) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.