
අද උදෑසන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ සිය හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනුනු අතර, ඉන්පසුව ඔහුව කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.