Home උණුසුම් පුවත් කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව හාන්සි වෙයි – සජබයෙන් දරුණු ප්‍රහාරයක්!

කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව හාන්සි වෙයි – සජබයෙන් දරුණු ප්‍රහාරයක්!

අයථා ලෙස රේගුවෙන් පිටකරන ලදැයි පැවසෙන ආන්දෝලනාත්මක බහාලුම් 323ක සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.

එසේම, පසුගිය කාලය පුරාවට මෙම බහාලුම් සම්බන්ධයෙන් විවිධ පුවත් මැවුණු අතර රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන මන්දගාමී ස්වභාවය හේතුවෙන් මෙම අර්බුදය වඩාත් බරපතල තැනකට පැමිණ තිබේ.

තත්වය මෙසේ තිබියදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආවේගශීලී හා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු දක්නට ලැබිණි.

අද දිනද සමගි ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා විසින් උක්ත කරුණ සම්බන්ධයෙන් කරුණු පැහැදිළිකිරීමක් සිදු කළ අතර, රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම පිළිබඳ සෘජුවම ප්‍රශ්නකොට සිටියේය.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව ලෙල්ලටම හිරවෙයි! සජබයෙන් විශේෂ අනාවරණයක් | NewstabLK
Exit mobile version