Home උණුසුම් පුවත් පාසලේදී සීනි බෝල විෂ වෙයි – සිසුවියන් රෝහලේ – දොස්තරටත් පලු දාලා!

පාසලේදී සීනි බෝල විෂ වෙයි – සිසුවියන් රෝහලේ – දොස්තරටත් පලු දාලා!

කුරුණෑගල, පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ සිසුන් හතළිස් අට දෙනෙකු අසල වෙළඳසැලකින් මිලදී ගත් ටොෆි (කැන්ඩි) බවට සැක කෙරෙන දෙයක් ආහාරයට ගැනීමෙන් රෝගාතුර වීමෙන් රෝහල්ගත කර තිබේ.
එම සීනිබෝල මිලදී ගත් බව කියන වෙළෙඳසැල මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බවත් පොල්ගොල්ල, දේවපාල විදුහල වසා දමා ඇති බවත් විදුහල්පති හිමියෝ පවසා ඇත.

උන්වහන්සේ පවසන ආකාරයට පාසලේ උදෑසන රැස්වීමෙන් පසුව සිසුවියන් කිහිපදෙනකුගේ ශරීරයේ පලු දමා කැසීම් මතුව ඇති අතර, පසුව දැරිවියන් පනස්දෙනකුගේ පමණ එවැනි තත්ත්වයක් දකින්නට ලැබුණු නිසා, ඔවුන් ගොකරැල්ල, පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමට විදුහලේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.බලපෑමට ලක්වූ සිසුන් පාසලේ 6, 7 සහ 8 ශ්‍රේණිවල සිසුන් බව වාර්තා වේ.

එම රෝගී දරුවන් රෝහලට ගෙන ගිය ගුරුවරියන්ටත්, ඔවුන්ට ප්‍රතිකාර කළ ගොකරැල්ල රෝහලේ වෛද්‍යවරයාට හා උපස්ථායකයන් දෙදෙනකුටත් එම තත්ත්වය මතුව තිබුණු බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

දිස්ත්‍රික් රෝහලේ සිසුන්ගේ තත්ත්වය ස්ථාවර කිරීමට නොහැකි වීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Exit mobile version