දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර ඇති බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසා සිටී.
අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා මේ බව සඳහන් කළේය.
* දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන /වාණිජ තනතුරේ බඳවා ගැනීම සිදු කිරීම ප්‍රමාද වීම
* නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබා දීම ප්‍රමාද වීම
* නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම. දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වීම
* කාර්යක්ෂමතා කඩයිම් සහන ලබාදීම ප්රමාද වීම. නි.කා.භා.නි. කාර්යාල සඳහා දු.කා.ස. සේවකයින් අනුයුක්ත නොකිරීම
* සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් මේ දක්වා ඉටු නොවීම
* ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා නැවත ලබා දී ඇති උසස්වීම් ක්‍රම වේදය නැවතත් නියාමක තනතුර සඳහාද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම
* ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඉල්ලුම් කිරීම සඳහා නැවතත් අවස්ථාව හිමි කර දෙන ලෙස ඉල්ලීම
යන ගැටලු සම්බන්ධයෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවත් මෙම ගැටළු පිළිබඳව අදාළ නිළධාරීන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් පවසා සිටී.
ඒ අනුව ජුනි 20 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ආරක්ෂක සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.