Home උණුසුම් පුවත් හල්ලෝලුවගේ වාහනයට වෙඩි තැබූ තිදෙනෙකු අත්අඩංගුවට

හල්ලෝලුවගේ වාහනයට වෙඩි තැබූ තිදෙනෙකු අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල් ඔළුව මහතාගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31,32 හා 40 වයස් වල පසු වන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්වේ.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබේ.

Exit mobile version