Home උණුසුම් පුවත් හජ් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල් වලට දෙදින නිවාඩුවක්

හජ් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල් වලට දෙදින නිවාඩුවක්

මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය එළැඹෙන ජූනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 යන දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තාවේ.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව එම පාසල් නිවාඩු දින වෙනුවෙන් මැයි මස 26 වන සඳුදා සහ මැයි මස 27 වෙනි අඟහරුවා දින පාසල් පැවැත්විය යුතු බවත්ය.

එමෙන්ම 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය එළැඹෙන මැයි 26 වෙනි දින ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

Exit mobile version