
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය එළැඹෙන ජූනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 යන දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තාවේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව එම පාසල් නිවාඩු දින වෙනුවෙන් මැයි මස 26 වන සඳුදා සහ මැයි මස 27 වෙනි අඟහරුවා දින පාසල් පැවැත්විය යුතු බවත්ය.
එමෙන්ම 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය එළැඹෙන මැයි 26 වෙනි දින ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.