Home උණුසුම් පුවත් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

එළඹෙන ජූනි මාසයේදි බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව මැතිව්ස් කියා සිටී.

කෙසේ නමුත් එම දැනුම් දීම සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදානම් බවයි.

මේ වන විට 37වන වියේ පසුවන මැතිව්ස් ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි.

Exit mobile version