නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 වැනි දින සිට 28 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තාවේ.
නියෝජ්‍ය අගමැතිවරයා සමග නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුද මෙම සංචාරයට සහභාගී වනු ඇත.
මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අගමැති, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැ දකිනු ඇති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා සමග වෙළද හා ආයෝජන කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්පාද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
මෙම සංචාරයේදී නියෝජ්‍ය අගමැති පීටර්ස් මහතා විවිධ පෞද්ගලික අංශයේ ආයතන සහ මාධ්‍ය ආයතන සමගද සාකච්ඡා සඳහා සම්බන්ධ වීමට නියමිතයි.