අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.
මේ වසරේ පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටී.
රජය පොරොන්දු වූ ආකාරයට විදුලි බිල තවත් සියයට 13කින් අඩු කිරීමට තිබියදී මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය තරයේ හෙළා දකින අතර මෙම තීරණයට එරෙහිව ජනතාව සමග එකට සිට ප්‍රජාතන්ත්‍රවාදී සටනක නිරත වීමට සමගි ජන බලවේගය කිසිසේත් පසුබට නොවන බව සිය නිවේදනය මගින් විවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටී.