Home උණුසුම් පුවත් විදුලි බිල ඇඟට දැනෙන ගණනකින් වැඩිවෙයි?

විදුලි බිල ඇඟට දැනෙන ගණනකින් වැඩිවෙයි?

පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනා කර තිබේ.

මෙම යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට ඉල්ලා තිබෙන බවද වාර්තා වෙයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට පෙර මහජන මත විමසීමකටද යොමු කිරීමට නියමිත වන අතර, ඉන් පසු මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන ජූනි මස පළමු සතිය තුළදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Exit mobile version