Home උණුසුම් පුවත් නිව්යෝර්ක් හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩා වැටේ (Video)

නිව්යෝර්ක් හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩා වැටේ (Video)

සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ අමෙරිකානු වේලාවෙන් ඊයේ (10) දහවලෙදිය .

මියගිය පුද්ගලයින් අතරින් නියමුවා හැරුණු විට අනෙක් 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලකට අයත් සංචාරකයින් බව බලධාරීන් සඳහන් කරයි.

මියගිය අය අතර ළමුන් තිදෙනෙකු ද වූහ. මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය පවසා ඇත්තේ, මියගිය අයගේ ඥාතීන්ට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි. අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

නිව් යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පැවසුවේ ස්පාඤ්ඤයේ පස් දෙනෙකුගෙන් යුත් පවුලක් සහ නියමුවා ඇතුළුව වැඩිහිටියන් තිදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු මිය ගිය බවයි. ඔවුන්ගේ සිරුරු සොයා ගෙන ඇති බව ද  ඔහු විදෙස් මාධ්‍යට ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබේ .

“හෙලිකොප්ටරයේ සිටි අයගේ සහ එහි සිටි හය දෙනාගේ පවුලේ අයට අපි ,අපගේ හදවතේ  ශෝකය පිරිනමන්නෙමු ,” යනුවෙන් ඔහු කියා තිබේ.

Pilot, family of 5 from Spain killed after helicopter crashes into Hudson River
Exit mobile version