Home උණුසුම් පුවත් නීතිඥයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

නීතිඥයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

අද (16) අලුයම 4.40ට පමණ වැලිගම, උඩුකාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබෙනවා.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අදාළ නීතිඥවරයා මරණ තර්ජනයක් හේතුවෙන් පොලිසිය මීට පෙර දැනුවත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Exit mobile version