Home උණුසුම් පුවත් පාසල් කාලසටහනේ වෙනසක් – පීරියඩ් එකක් අඩු කරයි

පාසල් කාලසටහනේ වෙනසක් – පීරියඩ් එකක් අඩු කරයි

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට පාසල් කාලසටහනේ එක් කාලපරිච්ඡේදයක් සඳහා වෙන්කරන කාලය විනාඩි 40 සිට 50 දක්වා දීර්ඝ කිරීමටත්, දෛනික කාලපරිච්ඡේද සංඛ්‍යාව 8 සිට 7 දක්වා අඩු කිරීමටත් තීරණය කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම වෙනස්කම් සිදුකිරීමට නියමිත බවට බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කර සිටියා.

ලේකම්වරයා මේ බව කියා සිටියේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරමින්.

2026 වසරේ ජනවාරි මස 01 වනදා සිට පළමු ශ්‍රේණියේ සිට හයවන ශ්‍රේණිය දක්වා ඉලක්ක කර ගනිමින් සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිවයින පුරා පාසල් වල ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, මෙම නව කාලසටහන් වෙනස හය ශ්‍රේණියෙන් ඉහළ සෙසු ශ්‍රේණි සඳහාද ලබන වසරේ සිට එකසේ ක්‍රියාත්මක වන බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ගුරුවරුන් ලක්ෂයක පිරිසක් පුහුණු කිරීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version