Home උණුසුම් පුවත් සාරංගිකාට එරෙහි පෙත්සම විසි වෙයි!

සාරංගිකාට එරෙහි පෙත්සම විසි වෙයි!

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කොට තිබුණේ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින්.

එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසිනුයි මෙම පෙත්සම ගොනු කොට තිබුණේ.

මේ අතර, මාවතගම සහ සීතාවක නගර සභා වෙනුවෙන්ද එම කාරණය සම්බන්ධයෙන්ම ගොනුකරන ලද පෙත්සම්ද ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version