Home උණුසුම් පුවත් ජාතික රෝහල් රසායනාගාරයේ කෝටි ගණනක වංචාවක්? රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට

ජාතික රෝහල් රසායනාගාරයේ කෝටි ගණනක වංචාවක්? රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට

රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වැය කර, කොළඹ ජාතික රෝහල් රසායනාගාරය වෙත කල්ඉකුත් වූ හෝ කල්ඉකුත්වීමට ආසන්න රසායනික ප්‍රතික්‍රීයක මිලදී ගෙන ඇති බවට පුවතක් වාර්තා වේ.

මෙම වසරේ ජූනි මස ජාතික රෝහලේ රසායනාගාරය පිළිබඳව රජයේ විගණනය විසින් නිකුත් කළ විගණන වාර්තාවට අනුව, පසුගිය වසර තුනේදී ජාතික රෝහලේ රසායනාගාරය විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියෙන් තොරව ප්‍රාදේශීය වශයෙන් මිලදීගත් රසායනික ප්‍රතික්‍රීයකවල වටිනාකම රුපියල් මිලියන 2500 ඉක්මවා තිබේ.

මෙසේ මිලදීගත් රසායනික ප්‍රතික්‍රීයකවලින් මිලියන 13 කට ආසන්න වටිනාකමකින් යුත් රසායනික ප්‍රතික්‍රීයක මේ වන විට කල්ඉකුත් වී ඇති බව වෛද්‍ය සහ සිවිල් අතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම කරුණ අනාවරණය කොට සිටියේය.

එසේම මෙම රසායනික ප්‍රතික්‍රීයක වලින් මිලියන 5 කට ආසන්න වටිනාකමින් යුත් ප්‍රතික්‍රීයක මිලදී ගන්නා විටත් කල්ඉකුත් වී තිබූ ඒවා වන බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කොට සිටියේය.

එමෙන්ම මිලියන 08කට ආසන්න වටිනාකමින් යුත් ප්‍රතික්‍රීයක කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට භාරගන්නා විට කල්ඉකුත්වීමට ඉතිරිව තිබී ඇත්තේ මාසයකටත් අඩු කාලයක් බවද මෙම ප්‍රවෘත්ති හමුවේදී අනාවරණය විය.

විගණන වාර්තාද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් ඒ මහතා පැවැත්වූ සම්පූර්ණ මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින් නරඹන්න.

රෝගීන් දසදහස් ගණනක ජීවිත අවදානමට! චමල් සංජීවගෙන් විශේෂ අනාවරණයක් |NewstabLK

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version