Home උණුසුම් පුවත් මේක කිසිම රටක් නොකරන වැඩක්! විමල්ගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

මේක කිසිම රටක් නොකරන වැඩක්! විමල්ගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ඊයේ දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

ඒ, විශේෂ අනාවරණයක් සිදු කිරීම සඳහාය.

මෙම අනාවරණය සිදුකරනු ලැබුවේ යෝජිත විද්‍යුත් හැඳුනුම්පත සම්බන්ධයෙනි.

නව හැඳුනුම්පත සකස් කිරීම සඳහා අවශ්‍ය වන පද්ධතිය ඇතුළුව 90% ක පමණ අවශ්‍යතා මේ වන විටත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සපුරා ඇතත්, හැඳුනුම්පත් නිශ්පාදන කාර්යයට අදාල ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට රජය සැරසෙමින් සිටින බවට මෙම මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා හෙළිදරව් කොට සිටියේය.

එසේම, මේ ක්‍රියාවලිය හරහා මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඇතුළු සංවේදී තොරතුරු රැසක් කරා ප්‍රවේශ වීමේ හැකියාව විදෙස් ඔත්තු සේවා වෙත ලැබීමේ ඉඩකඩක් පවතින බවට ඔහු මෙහිදී අවධාරණය කරයි.

මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන්, දේශපාලකයින් මෙන්ම විවිධ සිවිල් සමාජ කණ්ඩායම්ද පසුගිය කාලය පුරා මේ ආකාරයෙන් අනතුරු ඇඟවීම් සිදු කොට තිබුණි.

මෙසේ මෙම ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට භාරදීමට සැරසෙන්නේ, හැඳුනුම්පත් නිශ්පාදනය දේශීයව සිදුකරගැනීම සඳහා අවශ්‍ය රුපියල් බිලියනයක හිඟයක් පියවා ගැනීම සඳහා බවද හිටපු අමාත්‍යවරයා චෝදනා කර සිටී.

ඔහුගේ අදහස් දැක්වීම ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

මේක කිසිම රටක් නොකරන වැඩක්! විමල්ගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් | NewstabLK

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version