Home උණුසුම් පුවත් කෙහෙල්බද්දර පද්මේ යහතින්! චමුදිතගෙන් ආන්දෝලනයක්

කෙහෙල්බද්දර පද්මේ යහතින්! චමුදිතගෙන් ආන්දෝලනයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බව මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත් වූ බවට වාර්තා පළ වූ කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල කල්ලි නායකයන් දෙදෙනා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මේ මොහොතේ තමන් සිටිනා රට කුමක්දැයි හෙළි කිරීමට නොහැකි බවද ඔවුන් කියා සිටිනවා.

පසුගිය 09 වැනිදා ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් වී තිබූ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා පළ වී තිබුණා.

මේ අතර ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වී තිබුණා.

කෙහෙල්බද්දර පද්මේ, සලින්ද ඇත්තටම ඇතුළට දැම්මද.අපි ඉන්නේ එළියේ මුං බොරු නිව්ස් ගහලා ආතල් ගන්නවා.
Exit mobile version