Home උණුසුම් පුවත් සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට චීන සංචාරකයන් රැගෙන පැමිණි බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේදී සංචාරකයන් බස් රථයෙන් බැස අලි සංරක්ෂණාගාරය නැරඹීමට ගොස් ඇති අතර, බස් රථය මාර්ගය අසල නවතා තිබී ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල සිදු වී නොමැති අතර අනතුරෙන් බස් රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

Exit mobile version