
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, දැනට වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදාහරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර නියෝග කොට තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
සැකකාර බන්ධනාගාර කොමසාරිස්වරයා මෙසේ මුදා හැර ඇත්තේ,රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත වන අතර, ඔහුට බන්ධනාගාරවලට ඇතුළු වීමද තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා.
එසේම, ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පනවා ඇති අතර, සැකකාර කොමසාරිස්වරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද නියෝග කොට තිබෙන බවයි වාර්තා වන්නේ.