Home Uncategorized “භාතිය”ට ප්‍රතිකාර දෙන අලංකාර වීඩියෝවක් “බව් බව්ගෙ”න් නිකුත් වෙයි

“භාතිය”ට ප්‍රතිකාර දෙන අලංකාර වීඩියෝවක් “බව් බව්ගෙ”න් නිකුත් වෙයි

රටක් ගොඩගන්නෙ කොහොමද අලියෙක් ගොඩගන්න උත්සාහ කරන්න බැරි පාළනයකට?

මේ සටහන අපිට හමුවුණේ සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ ෆේස්බුක් පිටුවෙන්. ඒ ශෙයාර් කරන සටහනේ “බව් බව්” සත්ව රෝහලේ නිර්මාතෲවරයා මෙන්ෂන් වෙලා හිටපු නිසා අපිට ඒ ගැන සොයාබලන්නට හිතුනා.

භාතියට දැන් සුවයි කියලා හැමෝම කියන නිසාම වගේම ඒ ගැන ගොඩක් පෝස්ට් ෂෙයා වෙන නිසාම මේ කතාව ඇත්තක්ද කියල හොයලා බලන එකයි අපේ අරමුණ වුණේ.

එහෙම හොයාගෙන යනකොට අපිට දැනගන්න ලැබුණේ මෙන්න මෙහෙම කතාවක්.

උපුටාගැනීම – බව් බව් නිර්මාතෲ ගිහාන් දිනුෂ්ක මහතාගේ ෆේස්බුක් පිටුවෙන්

වෙඩි පහරකට ලක්වෙලා මාසයකට වැඩි කාලයක් රෝගීව හිටපු භාතිය ඇතු මේ වෙනකොට ඔත්පලව එක්තැන්වෙලා මඩවගුරක ජීවිතය අයදමින් අසාධ්‍යව සිටිනවා. පශුවෛද්‍යය Tharindu Chinthana Wijekoon මහතාගෙන් ලැබුණ ඉල්ලීමක් මත අද දිනයේ ඉදල ඉදිරියට ඔවුන් හරහා භාතියට ලබාදෙන සියලුම ප්‍රතිකාරයන් වල වියදම් බව් බව් Baw Baw Animal Welfare හරහා දරන්න අපි එකඟතාවය පළකළා. ඒ වගේම භාතියව ඔසවන්න අවශ්‍ය බදපටි මහරගම සිට මහව ප්‍රදේශයට රැගෙන ඒමටත් අපි ඉදිරිපත් උනා, ඒ වගේම වීදි සතුන් විශාල පිරිසකට රැකවරණය ලබාදෙම උදය මහතාගේ සෙවණේ සිටින සතුන් වෙනුවෙන් PetFoods ලබාදීමද ඒ සමග සිදුකලා,

අපේ රටේ විවිධ ප්‍රදේශ වලින් අසරණ සතුන් වෙනුවෙන් පිහිට ඉල්ලල දිනකට ඉල්ලීම් විශාල ප්‍රමාණයක් බව්බව් අපිට ලැබෙනව. මේ වෙනකොට බව්බව් අභයභූමිය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී සතුන් 65කගෙ දෛනික අවශ්‍යතාත් සිදුකරන ගමන් කඩවත සහ කුරැනෑගල සත්ව රෝහල් හරහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ සේවාන් ලබාදෙමින් අපි හරහා සිදුකරන සේවාවන් වලට දායකත්වය දක්වන්නෙ එදා ඉදල අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න බොහොම සීමිත පිරිසක් විසින්,

ලැබෙන හැම පණිවිඩයක් වෙනුවෙන්ම සුබවාදීව ප්‍රතිචාර දක්වන්න අපිත් කැමති උනාට ප්‍රායෝගිකව අපේ ධාරිතාවයත් එක්ක එහෙම කරන්න හැකියාවක් පවතින්නෙ නැහැ,

හැබැයි, එදා වගේම අදත්, අද වගේම හෙටත්, අපිට පුලුවන් උපරිම දායකත්වය අසරණ සතුන්ගේ ජීවිත වෙනස් කරන්න අපි ලබාදෙනව…

භාතිය කියන්නෙ රෝගී වෙලා ඉන්නකොට අවශ්‍යය අවධානය සහ කඩිනම් ප්‍රතිකාර හම්බනොවුන එකම සහ පළවෙනි ඇතා නෙමේ. භාතියට උන ඉරණම මීට කලිනුත් ඇතුන් සිය දහසකට උනා. නිසි ක්‍රමවේදයක් නැති උනොත් ඉදිරියටත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අහන්න ලැබේවි,

වැරදි කව්ද හරි කව්ද කියන දේ හොයන එකට වඩා බව්බව් අපි බලන්නෙ අපිට මොකක්ද කරන්න පුලුවන් කියන දේ, රජය හරහා නිසි මැදිහත් වීමක් සහ වැඩපිලිවලක් නොමැති වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගෙන වැඩපිලිවලක් ගොඩනගන්න අපේ සහයෝගය ලබාදෙන්නෙ සහ දිස්ත්‍රික්ක මූලික කරගෙන වන්ද්‍යාකරණ වැඩසටහන් අපි හරහා සිදුකරන්නෙ ඒ නිසයි. සතෙක්ව මැරැවොත් රැ.100ක් දඩ ගහන නීති වෙනස් කරන්න අපි මහන්සි වෙන්නෙ සහ සහයෝගය ලබාදෙන්නෙ ඒ නිසයි, ගොවිපළ සතුන්ට සහ ආබාධිත වීදි සුනඛයන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් බව්බව් අභයභූමිය ගොඩනගන්නෙ ඒ නිසයි,

කිසිම කෙනෙකුට අපහාස නොකර, කිසිම කෙනෙකුට චෝදනා නොකර, අපි අපේ වැඩකොටස ඉටුකරන ගමන් ඉස්සරහට යනව, අපි හිතනව රාජ්‍ය බලධාරීන් ඇතුළුව හැමකෙනෙක්ම චෝදනා අපහාස පැත්තකින් තියල තමන්ගෙ වැඩකොටස හරියට ඉටුකරනවනම් අපේ රටේ සතුන්ගේ හෙට දවස මීටවඩා සුබවාදී වෙයි කියල,

අනාගතේ දවසක ඔත්පලව එක්තැන් උන අලි ඇතුන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් රාජයේ මැදිහත්වීමෙන් විධිමත් සහ ක්‍රමවත් වැඩපිලිවලක් ක්‍රියාත්මක වෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනව. එහෙම නැති උනොත් කවද හරි දවසක අපිහරහා ඒ දේ ඉටුකරනව.

ස්තූතියි ❤️

ජීවිත වෙනස් කරන්න බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන ආදරණීය හැමෝටම, වචනෙකින් හරි සහයෝගය දෙන හැමෝටමත්, භාතිය වෙනුවෙන් සහයෝගය දීපු අය ඉතුලුව අපේ දායක්තව ගැන මේ වීඩියෝ එකේම පැහැදිළි කරනව,

භාතිය හස්තියාට ප්‍රතිකාර ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඔවුන් විසින් ෆේස්බුක් හරහා බෙදාගෙන තිබෙනවා. එම වීඩියෝව ඔබට පහත සබැඳියෙන් නැරඹිය හැකියි.

https://www.facebook.com/share/v/19KfnLCcEP

Exit mobile version