
රක්ෂිත බන්ධනාගාරග කොට සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන කර ඇති බවට පුවතක් වාර්තා වනවා.
ඒ, ඊයේ (04) දින කැඳවූ ඇයගේ නඩුව සම්බන්ධ විභාගය අවසන් කොට අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදීයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ අල්ලස් කොමිසමේ සහකාර කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චි සහ විමර්ශන නිලධාරී දිලුම් දුශාන් යන දෙදෙනායි.
සිද්ධිය සිදු වූ වහාම ඔවුන් කොළඹ මහේස්ත්‍රාත්වරියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙන අතර, මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දී තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටයි.
සැකකාර වෛද්‍යවරියට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් ඊයේ (04) දින මෝසමක් ඉදිරිපත් කරනු ලැබූ අතර, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා.
එසේම, මෙම නඩුකරය එළඹෙන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදිනට ඇප ඉල්ලීම පිළිබඳව කරුණු දක්වන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තියේ නීතිඥවරුන්ට නියෝග කොට තිබෙනවා.