Home උණුසුම් පුවත් කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට

කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට

අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳ සැල අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා ලෙස හඳුනාගෙන ඇති බවපොලිසිය සඳහන් කර සිටී.

වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ අනාවරණය කරගෙන නොමැති අතර, වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version