Home උණුසුම් පුවත් “අසනීපයි – සමාවෙන්න” රාජිත බය වෙයි! අල්ලස් කොමිසම මගහරී!

“අසනීපයි – සමාවෙන්න” රාජිත බය වෙයි! අල්ලස් කොමිසම මගහරී!

අසනීප තත්වයෙන් පසුවන බැවින් වෙනත් දිනයකදී පැමිණෙන බවට දන්වමින්, හිටපු ඇමති රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම මගහැර ඇති බවට පුවතක් වාර්තා වේ.

පුවත් මූලාශ්‍ර වාර්තා කරන ආකාරයට, ඊයේ (02) හිටපු අමාත්‍යවරයාව කැඳවා ඇත්තේ ඔහු ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ධීවර සංස්ථාවේ සිදුවී ඇතැයි කියන මහ පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමටයි.

උක්ත කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාව කැඳවීමට නියමිත බවට පූර්වයෙන් මාධ්‍ය වාර්තා පළ වී තිබූ අතර, අත්අඩංගුවට ගැනීමක් සිදු වේ යන සැකය නිසා ඔහු මෙසේ අල්ලස් කොමිසම මග හැර ඇතැයි තතු දත් ආරංචි මාර්ග සැක පළ කරයි.

Exit mobile version