Home උණුසුම් පුවත් ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මගී නෞකාවක් පෙරළේ

ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මගී නෞකාවක් පෙරළේ

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් පැය භාගයකට පමණ පසු පෙරළි ගිලී ගොස් ඇති බව සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Exit mobile version