
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළවයි.
බංගලාදේශයේ ඇති වූ විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වනදා ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඩකාහි ඇති ඇගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පලා ගිය අතර ඉන් පසුව ඇයට එරෙහිව නඩුවකට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
හසීනාට එරෙහිව නඩු 155 ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136 ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8 ක්, පැහැරගැනීමේ නඩු 3 ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7 ක් ඇයට එරෙහිව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.