Home උණුසුම් පුවත් සාරංගිකාට එරෙහිව පෙත්සමක්!

සාරංගිකාට එරෙහිව පෙත්සමක්!

ඉකුත් ජුනි 17 වැනි දින පැවති සීතාවක ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ මංගල රැස්වීමේදී රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ගත් තීරණයට අභියෝග කරමින් විරුද්ධ පක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කොට ඇත.

පෙත්සම්කාර මන්ත්‍රීවරුන් කියා සිටින්නේ තමන්ට කවුන්සිලයේ බහුතර බලය හිමි බවයි.

Exit mobile version