Home උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අද සිට වැඩි පොළියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අද සිට වැඩි පොළියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැවැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙවර අයවැය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබනු ඇති.

මෙම වසරේ ජූලි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කරන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය අදාළ වේ.මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු අද සිට දෙසැම්බර් 31 දක්වා විවෘත කළ හැකි අතර, එවැනි සියලු‍ තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුවන අතර තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියනය නොඉක්මවිය යුතු බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මෙහිදී සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතයට 3% ක අමතර වාර්ෂික මුදලක් එකතු කරමින් හෝ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3% ක එකතු කිරීමක් සිදුවේ.

මෙම සම්පූර්ණ වැඩසටහන සඳහා අතිරේක පොළී ගෙවීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 30ක් වෙන්කර ඇති බව සඳහන්වේ.

ජාතික හැඳුනුම්පත සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළු අවශ්‍ය ලියකියවිලි භාවිත කරමින් මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීමේ හැකියාව ඇත.

Exit mobile version