
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් එළඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඒ අගෝස්තු මස 02 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහාය.
City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබේ.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams යනු සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකේ.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන ඒම විශේෂත්වයකි.
