Home උණුසුම් පුවත් රටම තිගැස්සූ අනුරාධපුර වෙඩි තැබීම ගැන ඇසෙන අලුත්ම පුවත

රටම තිගැස්සූ අනුරාධපුර වෙඩි තැබීම ගැන ඇසෙන අලුත්ම පුවත

අනුරාධපුර තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ මිතුරන් කිහිපදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර ඊයේ පස්වරුවේ වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයා ගත් බව පොලිසිය සඳහන් කර සිටී.

තුවාල ලැබූ පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් මිතුරන් බවත් ඔවුන් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29ත් 31ත් අතර වයස්වල පසුවන අනුරාධපුර සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනුරාධපුර කොට්ඨස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.

පසුගිය 26 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබුණි.

එහිදි 28 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Exit mobile version