මිද්දෙණිය – තෝරකොළයාය – තේක්කවත්ත ප්‍රදේශයේදී අතුරු මාර්ගයකදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඩුබායි හී සැඟව සිටින තැඹිලි ලහිරු නැමැත්තා විසින් බවට අනාවරණය වී තිබේ.
පොලිසිය සඳහන් කළේ ඝාතනය සිදු කළ දින ඔහු විසින් වට්ස්ඇප් හරහා මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුට දුරකථන ඇමතුක්ද ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම එම දුරකථන ඇමතුමට අනූව මොවුන් දෙදෙනා වෙඩි තැබූ ස්ථානයට ගොස් ඇති බවටද දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
වෙඩිවැදී මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ගේ මළසිරුරු මිද්දෙණිය තේක්කවත්ත ප්‍රදේශයේ තිබී පෙරේදා සොයා ගන්නා ලදී.
ඔවුන් දෙදෙනා එදින රාත්‍රියේ තෝරකොළයාය තේක්කවත්ත ප්‍රදේශයේ පාළු මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබේ.යතුරුපැදිය පදවා ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි චමල් අබේකෝන් නමැත්තෙක් වන අතර ඔහු වෘත්තියෙන් බස්රථ රියදුරෙක් බව සඳහන්වේ.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පෙර දී නිදහස් වී පැමිණි අයෙකු බවයි පොලිසිය සදහන් කර සිටී.