Home උණුසුම් පුවත් හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (26) උදෑසන ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චන්ද්‍රගුප්ත සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.

Exit mobile version