රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර පිළිබඳ විමර්ශනයක්

3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි සමයේදී සිදුකරන ලද විදෙස් සංචාරයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) දැනුම් දී තිබේ.

පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පවසා සිටියේය.