Home උණුසුම් පුවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අපොස සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයේ ප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත අසත්‍ය බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී.
ඒ අනුව අද මැදියම් රැයේදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදු නොවන බවත් ප්‍රතිඵල නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සියලු පුවත් සාවද්‍ය වන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Exit mobile version