Home උණුසුම් පුවත් හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති බව වාර්තා වේ.

අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Exit mobile version