එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට ජාතික ජනබලවේගයේ පිරිසක් විසින් පහර දී ඇති බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය සුනිල් වටගල මහතා පවසා සිටී.
ඔහු මාධ්‍ය වෙත පවසා සිටියේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලිකව සොයා බැලූ බවත් අයිස් ක්‍රීම් දන්සලක සිදු වූ සිද්ධියක් ආශ්‍රයෙන් පරාජයේ වියරුව දරාගත නොහැකිව මෙලෙස අභූත, පදනම් විරහිත චෝදනා එල්ල කරන බව එහිදී අනාවරණය වූ බවයි.
මෙම සිදුවීම හට ගෙන ඇත්තේ අදාළ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයෙක් අතර ඇතිවූ පෞද්ගලික ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්,පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අදහසින් මෙම සිදුවීමට ජාතික ජන බලවේගය සම්බන්ධ කරමින් මෙලෙස චෝදනා එල්ල කරන බවත් වටගල මහතා වැඩිදුරටත් කියා සිටී.
පසුගියදා රාත්‍රියේ දී සඳමාලි මහත්මියව පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අවසන් කර යමින් සිටියදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් පැමිණ ඇයට අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
පහරකෑමට ලක් වූ සඳමාලි නාගරික මන්ත්‍රීවරිය චෝදනා කළේ තමන්ට පහර දුන් අය මාලිමා පාක්ෂිකයින් බවයි.