Home උණුසුම් පුවත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තුන්වන වරටත් ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහුව මෙසේ නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

Exit mobile version