රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6:00යේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේය.
එම සංගමය පෙන්වා දෙන්නේ රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බවයි.
ඒ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරායේ සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යනයවරුන්ගේ සේවාවන් අඩාල වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.