අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ යළිත් ආන්දෝලනයක් !!! විත්තිකරුට අධිකරණයෙන් කිව්වදේ

5

විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර හිටපු යුධ හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

එම නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි සැකකරු අධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර, වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණය යොදාගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සහ දරමින් සිටින බව ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබේ.සැකකරු විවෘත අධිකරණයේදී මීට පෙර මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවද ඔහු කියා සිටියේය.

එම නිසා අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩ ලබා නොදෙන්නැයි එහිදී උප පොලිස් පරික්ෂකවරයා ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, සැකකාර හිටපු යුධ හමුදා සෙබළා විසින් පැහැරගෙන ගොස් සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගැණුනු වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණන්‍යට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.