දයාසිරි ප්‍රසිද්ධියේ සමාව ගනී

15

උතුරු මැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද වාහනවල ගණන් හිලව් පිළිබඳව පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමා ඉදිරිපත් කළ තොරතුරු වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(03)පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේය.

ඒ වෙනුවෙන් තමා කණගාටුව පළකර සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මන්ත්‍රීවරයා පවසා සිටියේ පුවත්පත් වල වාර්තා වී තිබූ තොරතුරු සහ උතුරු මැද පළාතේ ඇතැම් පිරිස් තමාට දුරකථනයෙන් කතා කර ලබාදුන් තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම තොරතුරු ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් පවතින ඇත්ත තත්ත්වය පිළිබඳව ඊයේ (02) දිනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු ඉදිරිපත් කළ බව කී මන්ත්‍රීවරයා,එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු තමන් ඊට පෙර ප්‍රසිද්ධ කළ තොරතුරුවල අසත්‍යතාවයක් පවතින බවට තේරුම් ගත් බව ප්‍රකාශ කර සිටියේය.