Home උණුසුම් පුවත් පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙති

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙති

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් කොළඹ ජාතික රෝහලේ දී අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ 62 ක් හැවිරිදි වියේ පසුවිය.

දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ වසර එක හමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන්ද වෙයි. පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පෙ කල්‍යාණධර්මශ්‍රමයේ තැන්පත් කර තැබීමට නියමිතව තිබේ.

Exit mobile version