Home උණුසුම් පුවත් නැදිමාල වෙඩිල්ලේ සැකකරුවන් දැලේ

නැදිමාල වෙඩිල්ලේ සැකකරුවන් දැලේ

දෙහිවල,නැදිමාල ප්‍රදේශයේදී වෙළෙඳ සැලක සිටි පුද්ගලයකු ඉලක්ක කර ඉකුත් (19 ) වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අද (27 )අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටී.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ වෙඩික්කරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 160ක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසා සිටී.

ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 350ක් ද සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 38 හා 43 වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාශය මගින් සිදු කෙරේ.

Exit mobile version