ප්‍රංශය විසින් ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදි කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම අධිආරක්ෂිත බන්ධනාගාරය නිර්මාණය කිරීමට අපේක්‍ෂා කරන්නේ ප්‍රංශය යටතේ පවතින දකුණු ඇමරිකානු රටක් වන ප්‍රංශ ගයානාවේ වයඹ දිග කලාපයේ පිහිටි ඇමසන් වනාන්තර කොටසේ බව සඳහන්වේ.
එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් රඳවා තැබීම සඳහා ඉදි කෙරෙන බවත්, එහි රැඳවියන් 500 දෙනෙකු රඳවා තැබීමට හැකිවන බවත් සඳහන් වන අතර, 2028 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.